CONSULATE GENERAL NEWS

Special Notice

Special Notice

Media Release

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා කෙරෙන විශේෂ නිවේදනය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මෙරට විදේශ කටයුතු හා ජාත්‍යන්තර සබඳතා අමාත්‍යාංශය (MOFAIC) ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශය සමඟ ඉතා සමීපව කටයුතු කරමින් අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් සියරට බලා පිටත් කර හැරීමේ ක්‍රීයාවලිය කඩිනම් කිරීම වෙනුවෙන් ඉතා උනන්දුවෙන් මෙන්ම වෙහෙස නොබලා කටයුතු කරන බව දැනුම් දීමට කැමැත්තෙමු.

ඔබ සැවොම දන්නා පරිදි අවාසනාවන්ත ලෙස විශේෂයෙන් මැද පෙරදිග කලාපයෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණි කොවිඩ් 19 රෝගීන් ගණන පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය විය. එබැවින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා නිර්දේශයන්ට අනුව අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් නැවත අප රටට පිටත් කර හැරීම සඳහා නව ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබේ. එම ක්‍රමවේදයට මෙරට විදේශ අමාත්‍යංශයේ අවසන් අනුමැතිය ලැබෙන තෙක් අපි බලා සිටිමු. අවශ්‍ය අනුමැතිය ලැබුණු වහාම, අප නැවත අපගේ සහෝදර සහෝදරියන් අප රටට පිටත් කර හැරීම ආරම්භ කරමු.

එසේ පිටත් කර හැරීමේ ප්‍රමුඛතා නිර්ණායක වනුයේ ගර්භනී කාන්තාවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින් (මේ නිර්නායකයන් යටතට සලකා බැලීම සඳහා වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් අවශ්‍යය), සේවය අවසන් කිරීම්, ඉල්ලා අස්වීම්, වැටුප් රහිත නිවාඩු, කල් ඉකුත් වූ වීසා හා සංචාරක වීසා වැනි විවිධ නිර්ණායකයන් ය.

ඔබගේ සෞඛ්‍යය හා ආරක්ෂාව මෙන්ම අපගේ පුරවැසියන් ද ආරක්ෂා කර ගැනීම සඳහා ඔබගේ වාරය පැමිණෙන තුරු ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස මව්බිමට ආපසු යාමට අපේක්‍ෂා කරන සහෝදර ශ්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. සැමවිටම අපගේ උපරිම සේවය සහ කැපවීම අපි ඔබට සහතික කරමු.

තවද, ශ්‍රී ලංකාවට පිටත් කර හැරීම සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින්ගේ නම් ලැයිස්තු සකස් කිරීමට අප කාර්යාල විසින් පිටස්තර තැනැත්තන්ට හා සංවිධානවලට භාර දී ඇති බවට පැතිරෙන ව්‍යාජ තොරතුරු වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව දන්වා සිටින අතරම ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීම ඔබගේ ලියාපදිංචි වීම් අනුපිළිවෙළ මත තානාපති කාර්යාලය සහ කොන්සල් ජෙනරාල් කාර්යාලය මගින් පමණක් සිදු කෙරෙන බව ද දැනුම් දීමට කැමැත්තෙමු. සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ කාර්යාල සෘජුවම සම්බන්ධ කර ගන්නා ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

2020 ජුනි 11

Special Notice to the Sri Lankan community in UAE

The Embassy of Sri Lanka in Abu Dhabi together with Sri Lanka Consulate General’s Office in Dubai wish to let all Sri Lankan expatriate community know that we are working tirelessly and diligently with Ministry of Foreign Affairs and International Relations in UAE (MOFAIC), the Ministry of Foreign Relations in     Sri Lanka and other Government Departments to expedite the return of our nationals at our earliest.
Unfortunately, as you all are aware; we had a serious escalation of imported Covid-19 cases, specifically from the Middle Eastern region. Therefore our counterparts in Sri Lanka with the directions and recommendations from the Health Authorities have come up with a new methodology for repatriation. Still, we are waiting for final approval from MOFAIC to our new proposal. As soon as the necessary approvals and assistance are finalized, we will resume the repatriation of our brothers and sisters.
Our prioritized selection criteria for each repatriation flight will be on the basis of pregnant women, senior citizens, people with serious medical conditions who need urgent attention (need a doctor’s note) and other various categories such as terminated, resigned, unpaid leave expired visas etc.,.
We urge our community members who are looking forward to going back to our motherland to be patient for your turn considering protecting your own health and safety as well as citizens of our nation. We assure you of our best services at all times.

WE ALSO LIKE TO DRAW YOUR ATTENTION TO FAKE INFORMATION CIRCULATED AMONG THE COMMUNITY INDICATING WE HAVE REQUESTED OUTSIDE INDIVIDUALS OR ORGANIZATIONS TO ASSIST US TO PREPARE THE DATABASE AND SELECTION FOR REPATRIATION. WE ASSURE THAT THE PRIORITY LISTS WILL BE PREPARED ONLY BY THE EMBASSY AND THE CONSULATE GENERAL OFFICE BASED ON YOUR REGISTRATION. WE URGE YOU TO CONTACT OUR OFFICES DIRECTLY TO RECEIVE FACTUAL INFORMATION.

11 June 2020

ஐக்கிய அமீரகத்தில் வசிக்கும் இலங்கையர்களுக்கு சிறப்பு அறிவிப்பு

அபுதாபியில் உள்ள இலங்கை தூதரகம் மற்றும் துபாயில் உள்ள இலங்கை கொன்சூலர் அலுவலகம் ஆகியவை நமது சக இலங்கையர்களை நாட்டிட்கு அனுப்பும் செயல்முறையை விரைவுபடுத்துவதற்காக அமீரகத்தின் வெளியுறவு மற்றும் சர்வதேச உறவுகள் அமைச்சகம், இலங்கை வெளியுறவு அமைச்சு, ஏனைய அரச திணைக்களங்களுடன் நெருக்கமாக அயராது பணியாற்றுகின்றன என்பதை உங்களுக்குத் தெரிவிக்க விரும்புகின்றோம்.

துரதிர்ஷ்டவசமாக, குறிப்பாக மத்திய கிழக்கிலிருந்து இலங்கைக்கு வந்துள்ள கோவிட் 19 நோயாளிகளின் எண்ணிக்கை சமீப காலங்களில் கணிசமாக அதிகரித்துள்ளது என்பது நீங்கள் அனைவரும் அறிந்ததே. எனவே, சுகாதார அதிகாரிகளின் ஆலோசனைகள் மற்றும் பரிந்துரைகளின் பேரில், நமது சக இலங்கையர்களை திருப்பி அனுப்ப ஒரு புதிய வழிமுறை அறிமுகப்படுத்தப்பட்டுள்ளதுடன் இந்த நாட்டின் வெளிவிவகார அமைச்சின் இறுதி அனுமதிக்க நாங்கள் காத்திருக்கின்றோம்.

இறுதி அனுமதி கிடைத்தவுடன், நாங்கள் இலங்கை சகோதர, சகோதரிகளை மீண்டும் நம் நாட்டுக்கு அனுப்பத் தொடங்குவோம். இலங்கைக்கு அனுப்புவதற்கான முன்னுரிமை அளவுகோல்களாக கர்ப்பிணி தாய்மார்கள், முதியவர்கள், பாரதூரமான நோயினால் அவதிப்படுபவர்கள் (மருத்துவ சான்றிதழ் அவசியம் ), மற்றும் ஏனையவர்களாக தொழில் இழந்தவர்கள், ராஜினாமா செய்தவர்கள், சம்பளம் அற்ற கட்டாய விடுமுறையில் உள்ளவர்கள், காலாவதியான விசாக்கள் மற்றும் சுற்றுலா விசாக்களில் உள்ளவர்கள் அடங்குவர்.

தாய்நாட்டிற்குத் திரும்ப விரும்பும் இலங்கையர்கள் உங்கள் உடல்நலம் மற்றும் பாதுகாப்பைப் பேணுவத்துடன் உங்களது முறைக்காக பொறுமையாக காத்திருக்குமாறு கேட்டுக்கொள்ளப்படுகின்றனர் . எல்லா நேரங்களிலும் எங்கள் சிறந்த சேவை மற்றும் அர்ப்பணிப்பு குறித்து நாங்கள் உங்களுக்கு உறுதியளிக்கிறோம்.

மேலும், இலங்கைக்கு அனுப்பப்பட உள்ள நபர்களின் பெயர் பட்டியல்களைத் தயாரிக்க தனிநபர்கள் அல்லது நிறுவனங்கள் நியமிக்கப்பட்டுள்ளனர் என்ற தகவல் போலியானது என்றும் இதில் எவ்வித உண்மையும் இல்லை என்பதை அறிவிப்பதுடன் உங்கள் தகவல்கள் அபுதாபியில் உள்ள இலங்கை தூதரகம் மற்றும் துபாயில் உள்ள இலங்கை கொன்சூலர் அலுவலகத்தில் மாத்திரமே நேரடியாக தொடர்பு கொண்டு பதிவு செயுமாறு கேட்டுக்கொள்கிறோம்.

ஜூன் 11, 2020

News Update

Media Release

Media Release

Media Release

මාධ්‍ය නිවේදනය

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විදේශ සබදතා අමාත්‍යංශයේ සහ විදේශ දූත මණ්ඩලයන්හි කාර්යභාරය විදේශ ලේකම්වරයා පැහැදිලි කරයි

 “මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිලියි. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලයක් එක් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් සම්බන්ධ කරගත හැකි නිසාත් ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් අප තානාපති කාර්යාල ගත හැකි සෑම පියවරක්ම ගන්නා නිසාත් මෙසේ පීඩාවට පත්වීමට හේතුවක් නැහැ. විශාල ආපදාකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකා රජය ඔබගේ දරුවන් හා හිතෛශීන් වෙනුවෙන් පෙනී සිටින බව අපි පැහැදිලිව කිවයුතුයි. විදේශ සබඳතා අමාත්‍යංශය ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ නිරන්තර විශ්ලේෂණයකින් පසුවන අතරම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ පෙර සූදානමකින් පසුවෙනවා. එසේම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ උද්ගත වන ගැටලු සහ අභියෝගයන්ට මුහුණදීමට අවශ්‍ය පසුබිමද අප මේ මොහොතේ සිට සකස් කරමින් පවතිනවා”.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ  මහතා මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකළේ  කෝවිඩ් 19 වෛරසය ලොව පුරා ව්‍යාප්ත වන විට එම වෛරසය නිසා ශ්‍රී ලංකාවට එල්ල වෙන බලපෑම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එම හේතුවෙන් උද්ගතව ඇති ගැටළු වෙත මුහුණදීම සඳහා විදේශ සබඳතා අමාත්‍යංශය සහ විදෙස් දූත මණ්ඩලයන්ගේ කාර්යභාරය, ඒවායේ දායකත්වය සහ පෙර සූදානම සම්බන්ධයන් පසුගිය අප්‍රේල් මස 04 දින අද දෙරණ නාලිකාවේ විකාශය වූ ‘හයිඩ් පාර්ක්’ විශේෂාංගයේදී  මාධ්‍යවේදිනි ඉන්දීවරි අමුවත්ත හා එක් වෙමිනි. “ලෝකයේ  විවිධ ප්‍රදේශයන්හහි මෙම ‘කෝවිඩ් 19’ වෛරසය නිසා නිසා උද්ගතව ඇති ගැටලු විවිධාකාරයි. උදාහරණ ලෙස දකුණු ආසියාවේ රටවල විශාල ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් සිටිනවා. ඒවගේම ශ්‍රී ලාංකික ආයෝජකයින්ද මේ රටවල විසිරී සිටිනවා. වර්තමානයේ ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමයි. අපි මැදපෙරදිග දෙසට යොමුවුනොත් එහි සේවය කරන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 පමණ වෙනවා. ඔවුන් දැන් මුහුණදෙන්නේ සිය රැකියාව අහිමිවීම සහ ඉන් පසු ජීවතය ගෙනයාම කියන ගැටලුවලට.  යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ වෙසන ලාංකිකයන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවට පත්වෙලා. මෙම සියලු කුණු සැළකිල්ලට ගෙන අපි ‘කන්ටැක්ට්  ලංකා’ කියන වෙබ් පිටුව නිර්මාණය කළා. අපගේ අරමුණ මිලියන 2.6 පමණවන විදෙස්ගත ලාංකිකයන් සමග සෘජුව සම්බන්ධවීමයි.  ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමයි. මෙම වෙබ් පිටුව පසුගිය මාර්තු 26 වැනිදා දියත් කළ පසු මේවන විට 45,770 ක පිරිසක් එහි ලියාපදිංචිවී සිටිනවා.  ඒ හරහා අපට විදෙස්ගත  ලාංකිකයන්ගේ සමහර ගැටලු පැය කිහිපයක් ඇතුලත විසඳීමට හැකියාවක් ලැබුනා. පසුගිය දිනවල එවැනි සිදුවීම් රැසක් වාර්තා වුනා”  ආර්යසිංහ මහතා පැවසීය.

මැදපෙරදිග සේවය කරන අපගේ විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් විශේෂයෙන් සිය අවධානය යොමු කළ ආර්යසිංහ මහතා “මෙහිදී මම විශේෂයෙන්ම සදහන් කළ යුතු කරණක් වන්නේ මැදපෙරදිග සේවය කරන අපගේ විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපගේ වැදගත් මෙහවෙරයි. මේ මොහොතේ අපි ඔවුන් වෙනුවෙන් ලබාදෙන අවධානය අන් අයට වඩා අඩුය යන හැගීම කිසිසේත්ම ඔවුන්ට ඇති නොවිය යුතයි. අපි ඔවුන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතාවන් හරහා අපට කළ හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව මම මෙහිදී පැහැදිළිව ප්‍රකාශ කිරීමට කැමතියි. ඒවගේම ශ්‍රම සංක්‍රමණ සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානය  සහ කරිටාස් වැනි සංවිධාන, මැදපෙරදිග වෙසෙන රැකියා අහිමිවී ඇති පිරිස්වලට යම් සහාය දක්වන වන බව මට වාර්තා වුනා. මෙලෙස ගැටලුවලට මුහුණපා සිටින සමහර  ලාංකිකයන් නීත්‍යනුකූල වේවා, නීති විරෝධි වේවා, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැළකිය යුතුයි. එම රටවල මෙම ශ්‍රී ලාංකිකයන්ට සැලකීමක් නොලැබෙන්නේ නම් අපි ඒ සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කළ යුතුයි. ඒ සදහා පෙර සූදානමින් කටයුතු කළ යුතු”යැයි පැවසීය.

ලංකාවේ ‘කෝවිඩ් 19‘ වසංගත රෝගී තත්ත්වය සමනය වන තුරු තමා රැදී සිටින රටෙහිම රැදී සිටින ලෙස  ලංකා රජය කළ ඉල්ලීම සහ එයට විදෙස්ගත ලාංකිකයන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් කුණු දැක්වූ  ආර්‍යසිංහ  මහතා “අපිට මේ වන විට ලෝකයේ විසිරී සිටින ලාංකිකයන්ගේ ස්වරූපය පිළිබදව පැහැදිළි අවබෝධයක් තිබෙනවා. ඔවුන් නැවතත් ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් රජය පැහැදිළි ස්ථාවරයක මේ මොහොතේ සිටිනවා. එමනිසා මම මගේ දූතමණ්ඩල ප්‍රධානීන්ට දන්වා සිටියේ මේ මොහොතේ අපට ඉටුකළ නොහැකි පොරොන්දු ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදෙන ලෙසයි. මේ මෙහොතේදී වඩාත්ම වැදගත් කාර්ය වන්නේ ලාංකිකයන්ට මුහුණදීමට සිදුව ඇති අපහසුතාවයන් සමනය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමයි. එය අපි සෑම කෙනෙක්ම අවබෝධ කර ගත යුතුයි. එනමුත් විදෙස්ගත ලාංකියන්ට අප පැහැදිළිව පවසන්නේ විශාල ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගතවුවහොත් ශ්‍රී ලංකා රජය ඔවුන් ඉන් ගලවා ගැනීමට අවශ්‍ය  සියලුම පියවර ගන්නා බවයි. මට ඒ ගැන විස්වාසයි. වූහාන්වල සිසුන් සහ ඉන්දියාවේ සිටි වන්දනා පිරිස් ගෙන්වා ගත් ආකාරයට අවශ්‍යතාවය අනුව අපි අනෙකුත්  ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගනු ලබනවා”.

ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවිය හැකි ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද කරුණු පැහැදිළි කළ ආර්යසිංහ    මහතා “අපි අද දිනයේ උද්ගතව ඇති තත්ත්වයන්ට මුහුණදෙමින් හෙට දවස සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව සිතිය යුතුයි. වර්තමානයේ අපට ඉහළින් ඇදෙමින් ඇති අඳුරු වලාවෙන් පරදා ඉන් පිටතට පැමිණිය හැක්කේ එවැනි සැළසුම් සහගතව කටයුතු කිරීමෙන් පමණයි. විදේශ සබඳතා අමාත්‍යංශයේ ආර්ථික කටයුතු අංශය මෙම කුණ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් යුතුව මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඔවුන් මෙම කටයුතු සඳහා  අපනයන සංවර්ධන මණ්ඩලය සංචාරක අමාත්‍යංශය සහ ආයෝජන මණ්ඩලය හා එක්වී සිටිනවා.  මෙහිදී වැදගත් වන ආර්ථික සාධකයක් තමයි ‘ඉල්ලුම’. වර්තමානයේ යම් භාණ්ඩයකය ඇති ඉල්ලුම පහල යන්නේ එම භාණ්ඩය විකුණා ගැනීමට හැකිවේද නොව්ද යන චකිතය හේතුවෙන්. මෙම චකිතය මේ අවස්ථාවේදී ලෝකය පුරා පවතින තත්ත්වයක්. ඒ නිසා අපි මෙම යථාර්ථයටද මුහුණ දිය යුතුයි. තේ වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන වෙත මෙම අවස්ථාවේදී ඇතැම් රටවල්වලින් වැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒවගේම අපි සාම්ප්‍රදායිකව නිෂ්පාදනය නොකළ භාණ්ඩ සදහා මේ වන විට විශාල ඉල්ලුමක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මුහුණු හා සිරුර ආවරණ සැපයීම සදහා අපගේ නිමි ඇදුම් නිෂ්පාදකයන් වෙත ඇණැවුම් ලැබී තිබෙනවා. අපි මෙම ඉල්ලුම සම්බන්ධයෙන් පෙර සූදානමකින් පසුවුනා. එනිසා අපට මෙම අවස්ථාවෙන් සාර්ථක ප්‍රයෝජන ගැනීමට හැකි වී තිබෙනවා.ඒවගේම මේ මොහොත වන විට විදේශ සංචාරකයින් 15 000 පමණ ලංකාවේ රැදී සිටිනවා. ඔවුන් ලංකාව පිළිබදව ලබාදෙන ප්‍රතිචාරය ඉහළයි. පසුගිය දිනක බීබීසී පුවත්සේවයට එසේ රැදී සිටින විදේශිකයෙක් ලබාදුන් සාකච්ඡාව ඔබට මතක ඇති. එයට ලැබුණු ධනාත්මක ප්‍රතිචාර අපට මුදල් ගෙවාවත් ලබා ගැනීමට හැකියාවයක් නැහැ. එම විදේශිකයා ඒ විඩායෝව හරහා ලංකාව පිළිබදව ලෝකයට විශ්වාසයක් සහ ධනාත්මක සහතිකයක් ලබා දුන්නා”.

මේ අවස්ථාවේදී අපි විදෙස්ගත  ලාංකිකයන්ගෙන් අපට ලැබී ඇති සහාය අගය කළ යුතුයි. ‘කෝවිඩ් 19’ අරමුදලට ඔවුන් සිය උපරිම දායකත්වය දක්වමින් සිටිනවා. ඒවගේම අපට අවශ්‍ය වෛද්‍ය ආම්පන්න ඔවුන් අප වෙත ලබා දෙමින් පවතිනවා. මම මෙවන් දායකත්වයන් තව තවත් ලබාදෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම අපගේ මිත්‍ර රාජ්‍යන් වෙතින්ද අප ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේදී මූල්‍යමය හා ද්‍රව්‍යමය සහාය ලබාදෙන ලෙසයි. එසේම අප අපගේ ණය වාරික ගෙවීමට ඇති දින වකවානු වෙනස් කිරීම සඳහා සාකච්ඡා කිරීම ආදියද මේ අවස්ථාවේ සිදු කරනවා. එවන් සහන සැළසිය හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසද මම ඉල්ලා සිටීමට කැමතියි”.

“‘කෝවිඩ් 19’ වෛරසය පිළිබදව චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් මුලින්ම කරණු හෙළිවන අවස්ථාවේදී මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබදව අපි දැනසිටියේ නැහැ. එනමුත් ඉන් උද්ගතවූ තත්ත්වයන්ට මුල සිටම මුහුණ දුන්නේ චීනයේ තිබෙන අපගේ තානාපති කාර්යාලය සහ කොන්සල් ජෙනරල් කාර්යාල. අලුතින් උද්ගතවූ මෙම තර්ජනයට මුහුණදුන් මුල්ම ශ්‍රී ලාංකික පිරිස වූ වූහාන් ප්‍රාන්තයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසත් ඉන්පසුව වෛරසය පැතිරීයන අවස්ථාවේ චීනයේ සිටි අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසත් මෙරටට ගෙන්වාගැනීමට මූලික වූයේ මෙම විදේශ දූත මණ්ඩලයන්. මම ඔවුන්ව මෙම අවස්ථාවේ වීරයන් ලෙස සළකන්නේ එනිසයි. ආපදා අවස්ථාවකදී මෙවන්  කාර්යභාරයක් ඉටුකිරීම ඕනෑම තානාපති කාර්යාලයක මූලික වගකීමක්. එනමුත් මෙම අවස්ථාවේදී අපට  මුහුණදීමට සිදුවූ තත්ත්වයට මීට පෙර අපි මුහුණදී නැහැ. අපි එදා චීනයේදී මුහුණදුන් තත්ත්වය අද වන විට ලෝකය පුරාම ඇති වී තිබෙනවා.

සිය කරුණු දැක්වීම අවසන් කරමින් ආර්යසිංහ මහතා අවධාරණය කර සිටියේ මෙම කාර්යයේදී අපි කෙතරම් සාර්ථකද යන්න කාලය විසින් අපට පවසනු ඇති බවත්, මෙම මොහොතේදී විදේශ සබඳතා අමාත්‍යංශය ලෙස අපිට කළ හැකි සියලු කාර්ය එනම් මෙම තත්ත්වයට මුහුණදී කටයුතු කිරීම, අනාගතයේ ඇති විය හැකි තත්ත්වයන් සදහා පෙර සූදානමකින් පසුවීම, මෙන්ම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ ඇති විය හැකි අභියෝගයන් ජය ගැනීමට සූදානම් වීම ආදිය සඳහා කැපවී කටයුතු කරනු ලබනු බවත්ය.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 .04. 08

ஊடக வெளியீடு

 கோவிட்-19 தொற்றுநோயை எதிர்கொள்வதில் வெளிநாட்டு உறவுகள் அமைச்சு மற்றும் வெளிநாடுகளிலுள்ள இலங்கைத் தூதரகங்களின் வகிபாகத்தை வெளிவிவகார செயலாளர் விளக்கினார்

‘வெளிநாடுகளிலுள்ள தமது பிள்ளைகள் மற்றும் அவர்களது குடும்ப உறுப்பினர்களின் பாதுகாப்பு தொடர்பில் இலங்கையிலுள்ள பெற்றோர்கள் தெளிவாக அக்கறை கொண்டுள்ளனர். எனினும், அவர்கள் எமது தூதரகங்களை தொலைபேசி அழைப்பொன்றின் மூலமாக தொடர்பு கொள்ள முடியும் என்பதுடன், அவர்களது பிரச்சினைகள் தொடர்பாக நாங்கள் அனைத்து நடவடிக்கைகளையும் முன்னெடுப்போம் ஆதலால், இது தொடர்பில் அவர்கள் எந்தவித அசௌகரியங்களையும் உணரத் தேவையில்லை. பாரியதொரு பேரழிவு ஏற்படுமிடத்து, உங்களது பிள்ளைகள் மற்றும் உறவினர்களுக்கு இலங்கை அரசாங்கம் ஆதரவுகளை வழங்கும் என்பதை நாங்கள் தெளிவாகக் கூற விரும்புகின்றோம். தொடர்ச்சியாக நிலைமைகளைக் கண்காணித்து, தேவையான நடவடிக்கைகளை முன்னெடுப்பதற்கு வெளிநாட்டு உறவுகள் அமைச்சு தயாராக உள்ளது. இந்த நிலைமை குறைவடைகையில், பொருளாதாரத் துறை எதிர்கொள்ளும் பிரச்சினைகள் மற்றும் சவால்களுக்கு முகங்கொடுப்பதற்காக நாங்கள் களம் அமைத்து வருகின்றோம்.’

கோவிட்-19 உலகம் முழுவதும் பரவி வருகின்றமையால், இலங்கையில் வைரஸின் தாக்கத்தை நிவர்த்தி செய்வதிலும், மற்றும் வெளிநாடுகளிலுள்ள இலங்கையர்கள் எதிர்கொள்ளும் பிரச்சினைகளுக்கு தீர்வு காண்பதிலும் வெளிநாட்டு உறவுகள் அமைச்சு மற்றும் வெளிநாடுகளிலுள்ள இலங்கைத் தூதரகங்கள் கொண்டுள்ள வகிபாகத்தை வெளிவிவகார செயலாளர் ரவிநாத ஆரியசிங்க விளக்கினார். இந்த விளக்கத்தினை ஏப்ரல் 4 ஆந் திகதி அத தெரன 24 தொலைக்காட்சியில் ஒளிபரப்பான ஊடகவியலாளர் இந்தீவரி அமுவத்தவுடனான ஹைட் பார்க் நிகழ்ச்சியில் வெளிவிவகார செயலாளர் வழங்கினார். ‘உலகின் பல்வேறு பகுதிகளில் வியாபித்துள்ள கோவிட்-19 வைரஸ் பல்வேறு சிக்கல்களை ஏற்படுத்தியுள்ளது. உதாரணமாக, தெற்காசிய நாடுகளில் ஏராளமான இலங்கை மாணவர்கள் உள்ளனர். இலங்கை முதலீட்டாளர்களும் இந்த நாடுகளில் பரவி வாழ்கின்றனர். தற்போது அவர்களது முக்கியமான பிரச்சனை இலங்கைக்கு நாடு திரும்புவதேயாகும். மத்திய கிழக்கை எடுத்துக் கொண்டால், அங்கே சுமார் 1.5 மில்லியன் தொகையான தொழிலாளர்கள் காணப்படுகின்றனர். அவர்கள் தற்போது தமது தொழில் வாய்ப்பை இழந்து, தமது உயிர்களுக்கான அச்சுறுத்தலை எதிர்கொண்டுள்ளனர். ஐரோப்பா மற்றும் அவுஸ்திரேலியாவிலுள்ள இலங்கையர்கள் தமது பாதுகாப்பு குறித்து கவலைப்படுகின்றார்கள். இந்த எல்லா விடயங்களையும் கருத்தில் கொண்டு, ‘இலங்கையுடன் தொடர்பு கொள்ளுதல்’ என்ற இணைய முகப்பை உருவாக்கியுள்ளோம். வெளிநாடுகளிலுள்ள 2.6 மில்லியனுக்கும் அதிகமான இலங்கையர்களுடன், அவர்களுக்குத் தேவையான ஆதரவுகளை வழங்குவதற்காக, நேரடியாக இணைப்பை ஏற்படுவதே எமது நோக்கமாகும். மார்ச் 26 ஆந் திகதி இந்த இணைய முகப்பு தொடங்கப்பட்டதிலிருந்து, 45,770 பேர் தங்களை இதில் பதிவு செய்துள்ளனர். இதன் மூலம் வெளிநாடுகளிலுள்ள இலங்கையர்களின் சில பிரச்சினைகளை சில மணி நேரங்களுக்குள் தீர்த்து வைக்க முடிந்தது. இதுபோன்ற பல சம்பவங்கள் சமீப காலங்களில் பதிவாகியுள்ளன’ எனக் குறிப்பிட்டார்.

மத்திய கிழக்கில் பணிபுரியும் எமது வெளிநாட்டுத் தொழிலாளர்கள் குறித்து குறிப்பாக பேசிய ஆரியசிங்க, ‘மத்திய கிழக்கில் பணிபுரியும் எமது வெளிநாட்டுத் தொழிலாளர்களுக்கு இது எமது முக்கியமான பணி என்பதை நான் வலியுறுத்த விரும்புகின்றேன். இந்த நேரத்தில் நாம் அவர்களுக்குக் கொடுக்கும் முக்கியத்துவமானது ஏனையவர்களுக்கு வழங்கப்படும் முக்கியத்துவத்தை விடக் குறைவாக இருப்பதாக அவர்கள் உணரக்கூடாது. இருதரப்பு உறவுகள் மூலமாக அவர்கள் தொடர்பாக சாத்தியமான அனைத்து நடவடிக்கைகளையும் நாங்கள் முன்னெடுத்து வருகின்றோம் என்பதை தெளிவுபடுத்த விரும்புகின்றேன். இடம்பெயர்ந்த தொழிலாளர்களுக்கான சர்வதேச அமைப்பும், கரிடாஸ் போன்ற அமைப்புக்களும் மத்திய கிழக்கில் தொழில் வாய்ப்பை இழந்த சிலருக்கு ஆதரவளிப்பதாக எனக்குத் தெரிவிக்கப்பட்டுள்ளது. இதுபோன்ற பிரச்சினைகளை எதிர்கொள்ளும் சில இலங்கையர்கள் சட்டரீதியானவர்களோ, அல்லது சட்டவிரோதமானவர்களோ ஆயினும் அவர்களை இலங்கையர்களாகவே கருத வேண்டும்இந்த இலங்கையர்கள் அந்த நாடுகளில் கவனத்திற் கொள்ளப்படாவிட்டால்நாங்கள் அது குறித்து தலையீடுகளை மேற்கொள்ள

Media Release

IS BLACK TEA AN IMMUNITY BOOSTER FOR COVID- 19?

Is there any silver lining in the dark cloud for ‘Ceylon Tea’? The Tea Research Institute of Sri Lanka (TRI) has released a scientific paper under the theme: ‘Anti-viral’ properties of tea – black tea may become the unique brew of choice with no side effects to fight against Corona Virus? “.

Low incidence of infected patients:

Sri Lankans habitually consume 03 to 04 cups of Ceylon Black Tea. Therefore, in addition to epidemic control measures and social distancing and hot local temperatures (between 26°C-32°C), the practice of drinking tea may also contribute to the low incidence of infected patients with coronavirus. The infected case and the cases per million people in Sri Lanka are comparatively low. It could be due to a combination of multiple reasons, which certainly requires in-depth investigation.

Power of Ceylon Black Tea as a potential booster:

Several studies are ongoing globally in search of therapeutic options to recognize ‘anti-viral’ agents which could treat patients affected by COVID 19. However, “prevention is better than cure”. TRI has made a genuine effort to investigate the “Power of Ceylon Black Tea” as a potential booster to aid one’s immune system to fight against the virus when confronted.

Several studies undertaken in different countries have demonstrated the potential benefits of Black & Green Tea consumption in controlling influenza and common cold generally caused by viral infections. Tea Catechins have the ability to bind onto the surface of the influenza virus and inhibit the spread. TRI has quoted a recently conducted research study from Taiwan where the chemical structure of 64 compounds had been bioinformatically modelled against SARS-CoV- 2.

Black tea has ‘theaflavins’:

It had been revealed that ‘Theaflavins’ could potentially inhibit a critical SARS-CoV- 2 enzyme, and thereby, theoretically inhibit COVID-19. Theaflavins are antioxidant polyphenols that are formed during enzymatic oxidation process (fermentation) in the manufacture of Black Tea. In contrast to Green Tea, Black Tea is rich in Theaflavins due to the manufacturing process. An alkaloid, found in tea is Theaflavins, a chemical shown to alleviate respiratory diseases such as asthma, chronic bronchitis and other lung diseases. It relaxes and opens air passages in the lungs making it easier to breathe.

Inhaling the fumes (steam) of hot black tea:

The TRI release has highlighted that, inhaling boiling water mixed with Black Tea can facilitate the clearing of the passages towards the lungs. As the COVID-19 epidemic is a similar illness where the patients find it difficult to breathe. The scientists at the Sri Lanka Tea Board Laboratory suggest that frequent consumption of hot black tea is capable of flushing viruses trapped in the throat area. This practice is believed to improve immune capacity and inhibit inflammation due to Catechins and Polyphenols contained in Black Tea. Further, inhaling the fumes (steam) of hot black tea at high temperatures facilitates the removal of viruses trapped around the nasal area and opens a pathway for the tea Theaflavins to reach the lungs and protect it from viruses.

Drink Black tea good for immune system:

It could be assumed in respect of the circumstantial evidence available that daily consumption of Black Tea (03 to 04 cups without sugar or milk) is very useful and linked to the boosting of the immune system of normal human beings against respiratory diseases. The COVID-19 is an influenza-like illness which could be perceived to be curtailed by Theaflavins, one of the most active ingredients in Black Tea as explained in this review.

Please note that Black Tea is neither a medically proven prophylaxis nor a treatment against COVID-19, but it is worth conducting further research to investigate the possible anti-viral benefits of Theaflavins in Black Tea against COVID-19. Clinical trials however, need to be initiated prior to claiming benefits against COVID-19 in humans. It is premature to make concrete claims until in-vivo experiments or Research & Development on living cells are undertaken as per WHO guidelines. Nevertheless, Sri Lankans strongly believe that Ceylon Tea, the miracle Black Tea beverage is certainly one of them.

The relevant scientific papers are available with the Sri Lanka Tea Board for any references.

(Courtesy of Sri Lanka Tea Board/ 03/04/20)

Media Release

Media Release

Media Release

Media Release from Ministry of Foreign Relations of Sri Lanka

Join with “Contact Sri Lanka”

Picture 1

Foreign Secretary Ravinatha Aryasinha has requested foreign governments to facilitate the appropriate extension of visas for Sri Lankans currently visiting their countries, and facing difficulty to return to Sri Lanka on account of the travel bans that have and will become applicable as part of the control measures on COVID- 19.

He noted that the Government of Sri Lanka had on Tuesday (17 March) announced a one-month extension of all types of visas for those foreign nationals presently in the country, from the date of expiry of their present visas. He said such reciprocal arrangements were a common practice, and hoped that this could be facilitated for Sri Lankans, to minimize the anxieties faced by those travelling, in these exceptional times.

Foreign Secretary Aryasinha made these observations today (18 March), when he addressed a group of Ambassadors from Western Hemisphere, as part of the series of briefing sessions to keep the diplomatic community informed of the developments with regard to measures taken by Sri Lanka to control the spread of COVID-19.

While appreciating the supportive role played by the respective governments on assisting the Sri Lankan communities in their countries, the Foreign Secretary shared with the envoys present, the current status regards foreign nationals in Sri Lanka and some difficulties experienced by Sri Lankans overseas. He said, recognizing the concerns at present, all Sri Lanka diplomatic outposts now serve as emergency response units, where only limited consular and other services are continued to be offered amid the current challenges.

Concerns of foreign missions in Colombo over their citizens, facilities at the quarantine centres, and proper communication channels, were effectively responded to by the local stake holders present. The meeting also reached consensus on the smooth departure of foreign nationals, notwithstanding the closure of the airport for those seeking to enter Sri Lanka.

The envoys expressed appreciation for the efforts of the government in handling the situation, including extension of visas for their nationals, and assured that the request to reciprocate the same for Sri Lankans travelling in their countries will be communicated to their respective governments.

Ministry of Foreign Relations
Colombo
18 March 2020
Picture 2
  • The Government of UAE has decided to suspend the procedure of allowing entry of the people from the countries who are entitled on arrival Visas to the UAE, but the Diplomatic Passport holders will be exempted and they can enter the UAE if they are ready to allow themselves to undergo the standard and approved medical test procedures.

  • All international Airports in Sri Lanka will be closed for operation of inward international commercial passenger flights (i.e arrivals) with effect from 0400hrs on 19 March 2020 (local time in Sri Lanka) until 2359hrs on 25 March 2020 (local time in Sri Lanka).The closure will be reviewed by the Sri Lanka Authorities. During the above mentioned restricted period the following will be permitted:

      1. Aircraft Departures with passengers originating from Colombo, Stop overs, transit passengers or visiting tourists.

      2. Emergency Diversions to BIA

      3. Freighter Operations and humanitarian flights to BIA

      4. Technical landings at BIA

      5. Inbound ferry flights (without passengers) at BIA

Suspension of Visas in Sri Lanka due to the COVID – 19

Link to the letter from Department of Immigration & Emigration
Hot Line for Sri Lankans in UAE – 800 119 119
X