ලේඛන පරිවර්තනය කිරීම

///ලේඛන පරිවර්තනය කිරීම
ලේඛන පරිවර්තනය කිරීම 2019-11-29T07:32:05+00:00

ලේඛන පරිවර්තනය කිරීම

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සහ ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මඟින් සත්‍ය බවට සහතික කරන ලද මුල් ලේඛන පමණක් මෙම කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පරිවර්තනය කරනු ලැබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ලද සහතික කිරීම, එක් අවුරුද්දක කාල සීමාවක් සඳහා වලංගු විය යුතු බව කරුණාවෙන් සලකන්න. සහතික කිරීමේ වලංගුභාවය එක් වර්ෂයකට වඩා වැඩි නම්, කොන්සල් ජනරාල් කාර්යාලයෙන් පරිවර්තන සිදු කරවා ගත නොහැක.

  • කොන්සල් ජනරාල් කාර්යාලය විසින් එක් ලේඛනයක් සඳහා එක්සත් අරාබි එමීර් ඩිරාම් 75ක ගාස්තුවක් අය කරනු ලැබේ.

ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.

සැලකිය යුතුය : ඉහත සඳහන් අවශ්‍යතා සපුරාලන්නේ නම්, කොන්සියුලර් කාර්යාලය විසින් උප්පැන්න සහතික සහ මරණ සහතික පමණක් පරිවර්තනය කරනු ලැබේ.

කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.

PLEASE NOTE THAT THE APPLICANT SHOULD PHYSICALLY BE PRESENT ALONG WITH THE CURRENT PASSPORT TO SUBMIT THE APPLICATION AND FOR COLLECTION AS WELL.
X