ලේඛන සත්‍යාපනය කිරීම
අදාළ ලේඛනය ශ්‍රී ලංකාව තුළ ලේඛනගත කරන ලද්දක් නම්,
- පළමුව අදාළ ලේඛනය කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කළ යුතුය. (නිකුත් කළ දින සිට එක් වර්ෂයක් සඳහා පමණක් සහතික කිරීමේ මුද්‍රාව වලංගු වන බව කරුණාවෙන් සලකන්න)
- දෙවනුව, කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සත්‍යාපනය කිරීම උදෙසා, එකී සත්‍යාපනය කළ ලේඛනය ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
අදාළ ලේඛනය එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ලේඛනගත කරන ලද්දක් නම්,
- පළමුව, අදාල ලේඛනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කළ යුතුය.
- දෙවනුව, කොන්සියුලර් කාර්යාලය විසින් සත්‍යාපනය කිරීම උදෙසා, සහතික කළ ලේඛනය ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
අදාල ලේඛනය තෙවන රාජ්‍යයක් තුළ ලේඛනගත කරන ලද්දක් නම්,
- පළමුව, අදාළ ලේඛනය, එම සහතිකය ලත් රටෙහි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කළ යුතුය.
- දෙවනුව, අදාළ ලේඛනය ලේඛනගත කරන ලද රටෙහිම පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය/කොන්සල් ජනරාල් කාර්යාලය මඟින් සහතික කළ යුතුය. (නිකුත් කරන ලද දින සිට වර්ෂයක කාලයක් සඳහා සහතික කිරීම වලංගු බව සලකන්න.)
අවසාන වශයෙන්, කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සත්‍යාපනය කිරීම උදෙසා ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙත, සහතික කරන ලද ලේඛනය ඉදිරිපත් කරන්න.
එක් එක් ලේඛනය සඳහා (අපනයන හා අධ්‍යාපනික සහතික හැර ) – එක්සත් අරාබි එමීර් ඩිරාම් 110 ක් ශ්‍රී ලාංකිකයන් ගෙන් ද, එක්සත් අරාබි එමීර් ඩිරාම් 125 ක් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන් ගෙන් ද අය කෙරෙනු ලැබේ.
අධ්‍යාපනික සහතික සඳහා – එක්සත් අරාබි එමීර් ඩිරාම් 20 ක් අය කෙරෙනු ලැබේ.
අපනයන සහතික ගොනුවක් සඳහා – එක්සත් අරාබි එමීර් ඩිරාම් 165 ක් අය කෙරෙනු ලැබේ.
සෑම සත්‍යාපනය කරන ලද සහතිකයක අනු පිටපතක් සඳහා – එක්සත් අරාබි එමීර් ඩිරාම් 20 ක් අය කෙරෙනු ලැබේ.
ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.
අයදුම්පත්‍රය භාර දීම අයදුම්කරු විසින්ම සිදු කළ යුතු බව කරුණාවෙන් සලකන්න.
විනාඩි 30