උපත් ලියාපදිංචි කිරීම

///උපත් ලියාපදිංචි කිරීම
උපත් ලියාපදිංචි කිරීම 2019-11-29T07:29:01+00:00

උපත් ලියාපදිංචි කිරීම

  1. නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර – (අයදුම්පත්‍ර ‘එච්’, ‘ජේ’ සහ ‘කේ’ බාගත කරන්න)[අයදුම්පත සම්පුර්ණ කල යුතු ආකාරය] *ඉහත සඳහන් කරන ලද අයදුම්පත් කට්ටල දෙකක් (02) වන ලෙස සකසා ඉදිරිපත් කල යුතුය.
  2. දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතෙහි ඉංග්‍රීසි පරිවර්තනය (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සත්‍යාපනය කළ යුතුය)
  3. විවාහ සහතිකයේ මුල් පිටපත (ඉංග්‍රීසි පරිවර්තනය නොවේ. සිංහල/දෙමළ/ඉංග්‍රීසි මුල් පිටපත)
  4. දෙමව්පියන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත්(ඉංග්‍රීසි පරිවර්තනය නොවේ. සිංහල/දෙමළ/ඉංග්‍රීසි මුල් පිටපත)
  5. දෙමව්පියන්ගේ වලංගු ගමන් බලපත්‍රවල පිටපත්

මාස 03කට පසු අයදුම්පත්‍රය ඉදිරිපත් කළේ නම්, ඉහත සඳහන් අයදුම්පත්‍රය සමඟ පහත දැක්වෙන අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

  1. දරුවාගේ උපතින් මාස තුනකට පසුව ලියාපදිංචිය සඳහා අයදුම් කරන්නේ නම්, එසේ අයදුම් කිරීමට ප්‍රමාද වූ හේතුව – (පහත සඳහන් ‘එල්’ අයදුම්පත්‍රය බාගත කරන්න)
  2. ඉහත සඳහන් අයදුම්පත්‍ර කට්ටල් 2 බැගින් සම්පූර්ණ කළ යුතු බව කරුණාවෙන් සලකන්න.
  3. භාර දීමට නියමිත අනුපිටපත්වල අවශ්‍ය පිටපත් සංඛ්‍යාව ලබා දීම පිණිස, ඉහත සඳහන් ලේඛනවල පිරික්සුම් ලැයිස්තුව බාගත කරන්න. (පහත දැක්වෙන ‘අයි’ අයදුම්පත්‍රය බාගත කරන්න )

සැලකිය යුතුය : නව ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම පිණිස, අළුත උපන් දරුවෙකුගේ උපත ලියාපදිංචි කිරීම සඳහා ලේඛන භාර දීමේදී, ‘වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීම’ යටතේ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන්න.

  • දරු උපතකින් මාස 03ක් තුළ උපත ලියාපදිංචි කිරීම – ගාස්තුව වනුයේ එක්සත් අරාබි එමීර් ඩිරාම් 95/=
  • දරු උපතකින් මාස 03 කට පසු උපත ලියාපදිංචි කිරීම, උපත් ලියාපදිංචි ගාස්තුව වන එක්සත් අරාබි එමීර් ඩිරාම් 95/= ට අතිරේකව, එකතුවන වර්ෂයක් පාසා අමතරව ගෙවිය යුතු ගාස්තුව වනුයේ එක්සත් අරාබි එමීර් ඩිරාම් 30/= කි.
  • පුරවැසිභාවය පිළිබඳ සහතිකය ලබා ගැනීම සඳහා අදාළ ගාස්තුව වනුයේ එක්සත් අරාබි එමීර් ඩිරාම් 170/= කි.
  • ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.
  • වර්ෂ 01ක් තුළ උපත ලියාපදිංචි කරනු ලබන්නේ නම්, කොන්සියුලර් උප්පැන්න සහතිකය සතියක් තුළ නිකුත් කළ හැකිය.
  • ලියාපදිංචි කිරීමේ කාලසීමාව එක් වර්ෂයක් ඉක්මවන්නේ නම්, ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබෙන තෙක් අයදුම්කරු අපේක්ෂාවෙන් පසු විය යුතුය.
  • හැකිතාක්දුරට අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කළ යුතුය.
  • අයදුම්පත්‍රය සහ මුල් ලේඛන, එහි ඡායා පිටපත් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.

ගමන් බලපත්‍රය සඳහා ලේඛන භාර දෙනු ලබන අවස්ථාවේදී, දෙමව්පියන් සමඟ දරුවා පැමිණීම අනිවාර්යය වේ.

සැලකිය යුතුය : නව ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම පිණිස, අළුත උපන් දරුවෙකුගේ උපත ලියාපදිංචි කිරීම සඳහා ලේඛන භාර දීමේදී, ‘වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීම’ යටතේ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන්න.

කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.

ගමන් බලපත්‍රය සඳහා ලේඛන භාර දෙනු ලබන අවස්ථාවේදී, දෙමව්පියන් සමඟ දරුවා පැමිණීම අනිවාර්යය වේ.
X