යන්ත්‍රානුසාරයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රය/ හදිසි ගමන් බලපත්‍රය (NMRP)

පහත දැක්වෙන ආකාරයෙහි හදිසි තත්ත්වයක් ඇතිවුවහොත්, ශ්‍රී ලාංකිකයෙකු හට සිය රට බලා නැවත පැමිණීමට හැකි වන පරිදි, තුන් මසක් සඳහා වලංගු වන හදිසි සංචාරක ලේඛනයක් නිකුත් කළ හැක.
- වලංගු ගමන් බලපත්‍රය අස්ථානගත වූ විටදී
- වලංගු ගමන් බලපත්‍රය කල් ඉකුත් වූ විටදී
- හදිසි ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලීමක් සිදු කෙරෙන ලිපිය
- නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය – (කේ ආකෘති පත්‍රය සඳහා මෙතැන ක්ලික් කරන්න)
- ඩී ආකෘති පත්‍රය (ගමන් බලපත්‍ර අස්ථානගත වී ඇත්නම්) (ඩී ආකෘති පත්‍රය සඳහා මෙතැන ක්ලික් කරන්න)
- පැහැදිලි ඡායාරූප තුනක් (වර්ණ, සෙ.මී. 3.5 x සෙ.මී. 4.5 හෝ 2” x 2”)
- කල් ඉකුත් වන ලද ගමන් බලපත්‍රය හෝ අස්ථානගත වී ඇත්නම්, අස්ථානගත වී ඇති ගමන් බලපත්‍රයේ පිටපත
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිස් ස්ථානයකින් ලබාගත් පොලිස් වාර්තාව (ගමන් බලපත්‍රය අස්ථානගත වී ඇත්නම්)
- පොලිස් වාර්තාවේ නීතිමය ඉංග්‍රීසි පරිවර්තනය
- ශ්‍රී ලාංකික ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හෝ ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකයේ සිංහල මුල් ලේඛනයෙහි පිටපතක්.
- යන්ත්‍රානුසාරයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රය (NMRP) – එක්සත් අරාබි එමීර් ඩිරාම් 280
- නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා වන අයදුම්පත්‍රය සමග යන්ත්‍රානුසාරයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රයක් අයදුම්කරන්නේ නම් – එක්සත් අරාබි එමීර් ඩිරාම් 185
ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.
අයදුම්පත්‍රය භාර දීම අයදුම්කරු විසින්ම සිදු කළ යුතු බව කරුණාවෙන් සලකන්න.
සතියකට අඩු කාලයක්
- අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කිරීමට හැකිතාක්දුරට කටයුතු කළ යුතුය.
- අයදුම්පත්‍රයෙහි දක්වා ඇති පරිදි ඡායාරූප තුනක් ඉදිරිපත් කළ යුතුය. ඡායාරූපවලට පහළින්, ලබා දී ඇති කොටුවලට පමණක් අත්සන් සීමා කළ යුතු බව තහවුරු කර ගන්න.
- ඡායාරූපය පැහැදිලි, ගුණාත්මක තත්වයෙන් ඉහළ, නව (වත්මන් ඡායාරූපයක්) විය යුතු අතර, කණ්ණාඩි පැළඳීමෙන් තොරව, විවෘත දෙකන් සහ පැහැදිලි නළලක් එහි සටහන් විය යුතුය.
- අයදුම්පත්‍රය සහ මුල් ලේඛන, එහි ඡායා පිටපත් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.
කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.


