වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීම

///වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීම
වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීම 2022-11-22T13:24:26+00:00

වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීම

ශ්‍රී ලාංකිකයෙකු වන වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු හට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.

  1. නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  2. දෙමව්පියන් විසින් කැමැත්ත පළ කිරීමේ ලිපිය සම්පූර්ණ කළ යුතුය. (ආකෘති ලිපිය සඳහා මෙතැන ක්ලික් කරන්න)
  3. ඡායාරූප තුනක් (සුදු පසුබිමක ලබාගත් වර්ණ ඡායාරූප විය යුතුය, සෙ.මී. 3.5 x සෙ.මී. 4.5 හෝ 2” x 2”)
  4. දෙමව්පියන්ගේ සහ දරුවාගේ වත්මන් ගමන් බලපත්‍ර
  5. දෙමව්පියන්ගේ සහ දරුවාගේ (දරුවන්ගේ) ගමන් බලපත්‍ර‍වල පිටපත්
    – මුහුණ සහිත පිටුව – 1 පිටුව
    – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසික වීසා පිටුව
    – වෙනස් කිරීම් සහ නිරීක්ෂණ පිටුව (පිටු අංක 4-5)
    – දරුවන් ඇතුළත්කිරීමේ පිටුව (පිටු අංක 8-9)
  6. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි කළ උප්පැන්න සහතිකය – මුල් ලේඛනය සමඟ පිටපතක්
  7. කොන්සල් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකය – මුල් ලේඛනය සමඟ පිටපතක්
  8. කොන්සල් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලාංකික පුරවැසි සහතිකය – මුල් ලේඛනය සමඟ පිටපතක්
  9. දෙමව්පියන්ගේ විවාහ සහතිකය (සිංහල/ දමිළ මුල් ලේඛනය – පිටපතක් සහිතව)

සැලකිය යුතුය : දරුවා ශ්‍රී ලංකාවේ උපත ලැබුවේ නම්, ඉහත සඳහන් අංක 6 සහ 8 නොසලකා හරින්න. එවිට, ශ්‍රී ලංකාවේදී නිකුත් කළ උප්පැන්න සහතිකය (සිංහල මුල් ලේඛනය – පිටපතක් සහිතව) ඉදිරිපත් කළ යුතුය.

අලුත උපන් දරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ වසර තුනක කාලයකට වලංගු වන පරිදි පමණි. එකී විදේශ ගමන් බලපත්‍ර සඳහා පහත සඳහන් ගාස්තු අදාළ වේ.

  • සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය – එක්සත් අරාබි එමීර් ඩිරාම් 475

වයස අවුරුදු 03 සිට 16 දක්වා දරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර සඳහා පහත සඳහන් ගාස්තු අදාළ වේ.

  • සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය – එක්සත් අරාබි එමීර් ඩිරාම් 580

ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.

ගමන් බලපත්‍රය සඳහා ලේඛන භාර දෙනු ලබන අවස්ථාවේදී, දෙමව්පියන් සමඟ දරුවා පැමිණීම අනිවාර්යය වේ.

දින 90 පමණ

  1. අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කිරීමට හැකිතාක්දුරට කටයුතු කළ යුතුය.
  2. අයදුම්පත්‍රයෙහි දක්වා ඇති පරිදි ඡායාරූප තුනක් ඉදිරිපත් කළ යුතුය. ඡායාරූපවලට පහළින්, ලබා දී ඇති කොටුවලට පමණක් අත්සන් සීමා කළ යුතු බව තහවුරු කර ගන්න.
  3. ඡායාරූපය පැහැදිලි, ගුණාත්මක තත්වයෙන් ඉහළ, නව (වත්මන් ඡායාරූපයක්) විය යුතු අතර, කණ්ණාඩි හො මොට්ටු පැළඳීමෙන් තොරව, විවෘත දෙකන් සහ පැහැදිලි නළලක් එහි සටහන් විය යුතුය.
  4. අයදුම්පත්‍රය සහ මුල් ලේඛන, එහි ඡායා පිටපත් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.
කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.

ගමන් බලපත්‍රය සඳහා ලේඛන භාර දෙනු ලබන අවස්ථාවේදී, දෙමව්පියන් සමඟ දරුවා පැමිණීම අනිවාර්යය වේ.

Office_Hours
X