ගමන් බලපත්‍රයක් සඳහා අයදුම්පත්‍රය (වත්මන් ගමන් බලපත්‍රයේ වලංගු කාලය කල් ඉකුත් වී ඇත්නම්)
පරම්පරාවෙන් හෝ ලියාපදිංචි කිරීමෙන් හෝ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අයෙකු හට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කළ හැක.
වත්මන් “N කාණ්ඩයේ” සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් විශේෂයෙන් සඳහන් කර නොමැති විටදී නිකුත් කළ දින සිට අවුරුදු 10ක් දක්වා වලංගු වේ.
ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක වලංගුභාවය නිකුත් කළ දින සිට වසර 10කින් ඔබ්බට දීර්ඝ කළ නොහැක. ගමන් බලපත්‍රයේ කල් ඉකුත් වූ පසු හෝ වීසා සහතික කිරීම සඳහා තවදුරටත් පිටු නොමැති නම්, නව ගමන් බලපත්‍රයක් ලබා ගත යුතුය.
දැනට පවතින ගමන් බලපත්‍රය කල් ඉකුත්වීමට පෙර, කල්තබා නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, ඔබ විසින් වත්මන් ගමන් බලපත්‍රයේ කල් ඉකුත්වන දිනයට වසරක් හෝ ඊට වඩා වැඩි කාලයකට පෙර නව ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම්, එයට හේතුව ලිපියක් මගින් ඉදිරිපත් කළ යුතුය.
- ඔබගේ ගමන් බලපත්‍රය නැතිවුවහොත් හෝ සොරකම් කර ඇත්නම් ඔබට නව ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැක (වැඩි විස්තර)
- වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා නව ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට නම් මව හා පියා දෙදෙනාගේම කැමැත්ත අනිවාර්ය වේ (වැඩි විස්තර).
- නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය – (අයදුම්පත්‍රය සඳහා බාගත කරන්න)
- වත්මන් ගමන් බලපත්‍රය
- වත්මන් ගමන් බලපත්‍රයේ පහත සඳහන් ඡායා පිටපත්:
- ඡායාරූපය සහ ජීව දත්ත තොරතුරු ඇතුළත් පිටු (පිටු අංක 2 සහ 3)
- වෙනස් කිරීම් සහ නිරීක්ෂණ ඇතුළත් පිටු (පිටු අංක. 4 සහ 5)
- මාස තුනක කාලයක් ඇතුලතදී පෙනී සිට ලබාගන්නා ලද වර්ණ ඡායාරූප තුනක්
- ඡායාරූපයේ පසුබිම් වර්ණය: සුදු පැහැය
- ඡායාරූපයේ ප්‍රමාණය: සෙ.මී. 3.5 x සෙ.මී. 4.5
- සංස්කරණය නොකරන ලද, දැඩි ලෙස රූපලාවන්‍ය ආලේපන නොයෙදූ ඡායාරූපයක් විය යුතු අතර, ඇස්, කන්, නළල සහ ගෙල ප්‍රදේශය හොඳින් නිරාවරණය වී තිබිය යුතුවේ.
- ඇස්කණ්ණාඩි සහිත, නළලෙහි තිලක තබා ඇති, හිස් ආවරණ පැළඳි ඡායාරූප ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.
- ඔබ විසින් ලබා දෙන ඡායාරූප, අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාව වන විට මාස 3ක් ඇතුළත ලබා ගත් ඡායාරූප විය යුතු අතර, වීසා සඳහා ලබාගත් ඡායාරූප ඉදිරිපත් කළ හැකි වන්නේ ද එය මාස 3කට වඩා අඩු කාළයක් තුළ ලබා ගත් ඡායාරූප නම් පමණි.
- ඡායාරූපයේ පසුබිම් වර්ණය සුදු පැහැ වීම නිසා සුදු පැහැති ඇඳුම් වලින් සැරසී ඡායාරූපය ගැනීමෙන් වලකින්න
- ඉහත සඳහන් කරුණු වලට අනුකූල නොවන ඡායාරූප පිළිගනු නොලැබේ.
- දැනට පවතින ගමන් බලපත්රයෙහි සඳහන් නොවන වෘත්තියක්/තනතුරක් නව ගමන් බලපත්‍රය සඳහා ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම වෘත්තිය/තනතුර සනාථ කිරීමට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.
- වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, ප්‍රමාණ සමීක්ෂක ආදී වෘත්තීන් ඔප්පු කිරීමට අධ්‍යාපනික, උසස් අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් ඉදිරිපත් කළ යුතුය.
- වෙනත් විධායක ගණයේ රැකියා කාණ්ඩ සඳහා වත්මන් නිශ්චිත තනතුර සඳහන් කරමින් රැකියා ස්ථානයෙන් කොන්සල් ජනරාල් කාර්යාලය වෙත යොමු කරන ලද ලිපියක් (මුල් පිටපත) ඉදිරිපත් කළ යුතුය.
- වීසා බලපත්රයෙහි වෘත්තිය/තනතුර සඳහන් වූ පමණින් එම වෘත්තිය/තනතුර නව ගමන් බලපත්‍රයට ඇතුළත් කිරීමට සනාථ කිරීමට ප්‍රමාණවත් නොවන බව කරුණාවෙන් සලකන්න
- ගෘහ සේවිකා, කම්කරු වැනි නුපුහුණු රැකියා කාණ්ඩ සඳහා ලේඛන අවශ්‍ය නොවේ.
- අයදුම්කරු ද්විත්ව පුරවැසියෙකු නම්, ද්විත්ව පුරවැසි සහතිකය සහ අදාළ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්ඔ
- ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක් (වත්මන් ගුවන් ගමන්බ ලපත්රයේ සඳහන් වන ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට නව හැඳුනුම්පතක් ලබාගෙන ඇත්නම් පමණක්). අවුරුදු 16ට වැඩි සියලුම අයදුම්කරුවන් ජාතික හැඳුනුම් පත ගුවන් ගමන් බලපත්‍රයට ඇතුලත්කර තිබිය යුතුය
යම් අයදුම්කරුවෙකු ශ්‍රී ලංකාවෙන් පිටතදී උපත ලබා, වයස අවුරුදු 21ට වැඩි නම්, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය රඳවා ගැනීමට කැමති බව සඳහන් කර ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බව කරුණාවෙන් සලකන්න (ආකෘති පත්‍රය බාගත කරන්න).
නිසි පරිදි ඉදිරිපත් කරන ලද අයදුම්පත් ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු ආසන්න වශයෙන් දින 75 ක් ඇතුළත නව ගමන් බලපත්‍රය නිකුත් කරනු ලැබේ. අධිවේගී සේවා හෝ එක්දින සේවා පහසුකම නොමැති බව කාරුණිකව සලකන්න.
එහෙත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සලකා බලනු ලබන ඇතැම් හේතූන් මත (ඡායාරූප වෙනස්කම්, ජාතික හැඳුනුම්පත් අංකයෙහි වෙනස්කම්, ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන නමෙහි වෙනස්කම් වැනි ) නව ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට සඳහන් කළ කාලයට වඩා අතිරේක කාලයක් ගතවීමට ඉඩ ඇත.
අයදුම්පත්‍රය භාරදීම අයදුම්කරු විසින්ම සිදු කළ යුතු බව කරුණාවෙන් සලකන්න.
එසේම නව ගමන් බලපත්‍රය කොන්සල් කාර්යාලය වෙත ළඟා වූ පසු, එම ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්කරු විසින්ම කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණ වත්මන් මුල් ගමන් බලපත්‍රය සහ ගෙවීම් ලදුපත ඉදිරිපත් කළ යුතුය.
- සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය – එක්සත් අරාබි එමීර් ඩිරාම් 580.00
ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit/Debit Cards) භාවිතා කල හැකිය.
(මුදල් / හර – බැරපත් මගින් ගෙවන විට, බැංකුව විසින් පරිපාලන ගාස්තුවක් අය කරනු ලැබේ)
දින 90 පමණ
- අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කළ යුතුය.
- එක් කොටුවක එක අකුර බැගින් ලියන්න. නම් දෙකක් අතර එක කොටුවක ඉඩක් තබන්න.
- අයදුම්පත්‍රයෙහි දක්වා ඇති පරිදි ඡායාරූප තුනක් අදාළ කොටු තුල අලවන්න.
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔබේ පදිංචි ලිපිනය අදාළ එමීරය සමඟ සඳහන් කරන්න.
- දී ඇති කොටු 2 තුල ඉරි වල නොගෑවෙන පරිදි අයදුම්කරුගේ අත්සන තබන්න.
- ඔබගේ ජංගම දුරකථන අංකය සඳහන් කරන්න. විදේශ ගමන් බලපත්‍රය සූදානම් වූ පසු මෙම අංකයට කෙටි පණිවිඩයක් එවනු ලැබේ.
- ඔබගේ ඊ මේල් ලිපිනය සඳහන් කරන්න.
- ප්‍රකාශය හොඳින් කියවා අවබෝධ කරගත් පසු අත්සන තැබිය යුතුය.
ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී පහත සඳහන් වැරදි කිරීම් 1955 අංක 16, 1961 අංක 68, 1993 අංක 16, 1998 අංක 42, 2006 අංක 31 සහ 2015 අංක 07 දරණ පනතින් සංශෝධිත 1948 අංක 20 දරණ පනතට අනුව දඬුවම් ලැබිය හැකි වැරදි අතරට ගැනේ.
- අසත්‍ය තොරතුරු සැපයීම
- කූට ලෙස තැනූ හෝ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම
- වලංගු ගමන් බලපත්‍රයක් ලඟ තබාගෙන තවත් ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීම
- වෙනත් අයගේ ගමන් බලපත්‍ර පරිහරණය කිරීම
- ලබාගත් ගමන් බලපත් ව්‍යාජ ලෙස වෙනස් කිරීම
- වෙනත් අයගේ ලේඛන ඉදිරිපත් කොට ගමන් බලපත්‍ර ලබා ගැනීම