ගමන් බලපත්‍රයක් සඳහා අයදුම්පත්‍රය (වත්මන් ගමන් බලපත්‍රය අස්ථානගත වී ඇති හෝ විනාශ වී ඇති බවට වාර්තා වී ඇති අවස්ථාවකදී)
- නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය – (අයදුම්පත්‍රය (කේ) සහ ඩී ආකෘති පත්‍රය සඳහා මෙතැන ක්ලික් කරන්න)
- මෑතකදී ගන්නා ලද ඡායාරූප තුනක් (වර්ණ, සුදු පසුබිම, සෙ.මී. 3.5 x සෙ.මී. 4.5 හෝ 2” x 2”)
- අස්ථානගත වූ ගමන් බලපත්‍රයේ පිටපතක්
- පොලිස් වාර්තාව (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අදාළ පොලිස් ස්ථානයෙන් ලබාගත්)
- නීතිමය ඉංග්‍රීසි පරිවර්තනයක් සහිතව පොලිස් වාර්තාව ඉදිරිපත් කළ යුතුය
- අධ්‍යාපනික/වෘත්තීයමය සහතික සහ පත්වීමේ ලිපිය (ගමන් බලපත්‍රයට වෘත්තිය ඇතුළත් කිරීමට අවශ්‍ය නම්)
- විවාහ සහතිකය (අයදුම්කරු විවාහක නම් සහ කලත්‍රයාගේ නම ගමන් බලපත්රයෙහි ඇතුළත් කිරීමට අපේක්ෂා කරන්නේ නම්)
- සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය
- අස්ථානගත වූ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ඇතිවිට එක්සත් අරාබි එමීර් ඩිරාම් 1370.
- අස්ථානගත වූ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් නොමැතිවිට එක්සත් අරාබි එමීර් ඩිරාම් 1740.
ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.
අයදුම්පත්‍රය භාර දීම අයදුම්කරු විසින්ම සිදු කළ යුතු බව කරුණාවෙන් සලකන්න.
සති 08 -10
- අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කිරීමට හැකිතාක්දුරට කටයුතු කළ යුතුය.
- අයදුම්පත්‍රයෙහි දක්වා ඇති පරිදි ඡායාරූප තුනක් ඉදිරිපත් කළ යුතුය. ඡායාරූපවලට පහළින්, ලබා දී ඇති කොටුවලට පමණක් අත්සන් සීමා කළ යුතු බව තහවුරු කර ගන්න.
- ඡායාරූපය පැහැදිලි, ගුණාත්මක තත්වයෙන් ඉහළ, නව (වත්මන් ඡායාරූපයක්) විය යුතු අතර, කණ්ණාඩි පැළඳීමෙන් තොරව, විවෘත දෙකන් සහ පැහැදිලි නළලක් එහි සටහන් විය යුතුය.
- අයදුම්පත්‍රය සහ මුල් ලේඛන, එහි ඡායා පිටපත් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.
කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.