‘මැද පෙරදිග’ ගුවන් ගමන් බලපත්‍ර ‘සියලුම රටවල්’ සඳහා සකස් කිරීම පිණිස වන අයදුම්පත්‍රය

- ඉල්ලුම් කිරීමේ ලිපිය
- නිසියාකාරව සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය
- වලංගු ගමන් බලපත්‍රයේ පිටපත
- ගමන් බලපත්‍රයේ පිටපත
එක්සත් අරාබි එමීර් ඩිරාම් 215.
ගෙවීම් කටයුතු සඳහා මුදල් / හර – බැරපත් (Credit Cards) භාවිතා කල හැකිය.
විනාඩි 30 ක පමණ කාලයක්.
- අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කිරීමට හැකිතාක්දුරට කටයුතු කළ යුතුය.
- අයදුම්පත්‍රයෙහි දක්වා ඇති පරිදි ඡායාරූප තුනක් ඉදිරිපත් කළ යුතුය. ඡායාරූපවලට පහළින්, ලබා දී ඇති කොටුවලට පමණක් අත්සන් සීමා කළ යුතු බව තහවුරු කර ගන්න.
- ඡායාරූපය පැහැදිලි, ගුණාත්මක තත්වයෙන් ඉහළ, නව (වත්මන් ඡායාරූපයක්) විය යුතු අතර, කණ්ණාඩි හො මොට්ටු පැළඳීමෙන් තොරව, විවෘත දෙකන් සහ පැහැදිලි නළලක් එහි සටහන් විය යුතුය.
- අයදුම්පත්‍රය සහ මුල් ලේඛන, එහි ඡායා පිටපත් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.
කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සියුලර් අංශය වෙත පැමිණ ඔබට අයදුම්පත්‍රය භාර දිය හැක. කොන්සියුලර් අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා විවෘතව ඇත.


